කළුතර උතුර හොරණ මාර්ගයේ, හොරණ දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක් වු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර උතුර පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.



