රසායනික පොහොර භාවිතයෙන් ඉවත්විය යුතු බව ජනපති කියයි

Share

රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවට ජනාධිපතිධුර අපේකෂකයින් පොරොන්දු ලබාදුන්න ද රටේ ප්‍රතිපත්තිය වියයුත්තේ රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට අද (07) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළු ගඟ ජලාශයේ සංචිත දිය දහර මුදා හැරිම සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණි.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ, නකල්ස් කඳු වැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග්ගල, පලේගම ප්‍රදේශයේදී හරස් කරමින් කළු ගඟ ජලාශය ඉදිකර තිබේ.

Read more

Local News