තමන් ජනාධිපති වීමෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.
ඒ අනුව එතුමා සදහන් කරන්නේ රටේ ජනතාව රැවටීමට තමන් කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් පවුල්වාදය නැති කිරීමට ජනතාවට අවස්ථාවට ඇත්තේ ලබන 16 වෙනිදා බවත් එතුමා සදහන් කරයි.
යුක්තිගරුක සමාජයක් බිහිකරන බවත්, ආගමික අන්තවාදීන් තමන්ගෙන් කිසිදු සමාවක් නොමැති බවත් මෙහිදී අවධාරණය කර තිබේ.
ඒ අනුව විනය ගරුක සමාජයක් තම බලයට පත් වූ පසු බිහි කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.



