බැසිල්ට එරෙහි නඩු විභාගය කල් යයි

Share

ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2,293 ක මුදලක් දිවි නැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් බෙදා හැරීම තුළින් රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 23 දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියම කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 23 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නම් කර සිටියි.

Read more

Local News