පාදුක්ක ගලගෙදර ප්රදේශයේ අවන්හලක් තුළ සිටි පුද්ගලයෙකු ඊයේ(07) රාත්රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ
මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩි වැදුණු පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 39 හැවිරිදි අයෙක් බව පොලිසිය සඳහන් කරයි.



