නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (07) දින මිද්දෙණිය, ප්‍රදේශයේ සිදුකරන ලද වැටලිමකදී විදේශීය දුම්වැටි 1200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දකුණු නාවික විධානය සහ අම්බලන්තොට, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මිද්දෙණිය නගරය ආශිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ත්‍රීරෝද රථයක් මඟින් ප්‍රවාහනය කරමින් සිටි නීති විරෝධී විදේශිය දුම්වැටි පැකට් 60 ක් සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදි.
එහිදී සිදුකරන ලද වැඩිදුර පරික්ෂණ වලදි දුම්වැටි 1200 ක් තිබී සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 40 ක් වන වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයා, නීති විරෝධී දුම්වැටි සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු මිද්දෙණිය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.




