ශ්‍රීලනිපය ගලවන්න කාටවත් පුළුවන්කමක් නෑ

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මාතර හක්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර නායිකාවෝ එළියට බැහැලා එක එක දේවල් කියන්න පටන් අරන්. මේ සියල්ල අපි දකින්නේ අපේ ජයග්‍රහණයේ පෙරමඟ සළකුණු සීමා කිරීමක් ලෙස.

කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවන්න කාටවත් පුළුවන්කමක් නෑ. ඒක ගලවන්න යූ එන් පී එකත් එක්ක එකතු වෙලා පුළුවන්කමක් නෑ.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බගවේගය හැදුවේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා. එතුමාගේ පක්ෂය පක්ෂය විනාශ කරන්න කාටවත් දෙන්න පුළුවන්කමක් නෑ.” යැයි පැවසීය.

Read more

Local News