ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3214 ක් දක්වා ඉහළට

Share

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 3214 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ (07) පස්වරු 4 දක්වා ගතවූ පැය 24 තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි ගණන 34 ක්.

දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 97 ක් ලැබී තිබේ.

ඒ අනුව පැමිණිලි 131 ක් ලැබී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.

Read more

Local News