කථානායකගෙන් ඉල්ලීමක්

ලබන 11 වන සඳුදා දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව 11 වන සඳුදා පෙරවරු 11.30ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇති බව කථානායකවරයා කියා සිටියි.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම කැඳවීමට අදාළ ගැසට් නිවේදනය ද කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඊයේ(07) නිකුත් කර තිබුණි.

Exit mobile version