දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන්ද වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75)පමණ තරමක තද වර්ෂාපතනයන්දඇති විය හැක.
උතුරු-මැද, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



