විදේශීය මැතිවරණ නීරීක්ෂකයින් හෙට, අනිද්දා දිවයිනට

Share

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභා ආරාධනයෙන් මෙරටට පැමිණෙන විදේශීය නීරීක්ෂකයින් හෙට (12) සහ අනිද්දා (13) දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.

රටවල් 06 කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු මෙලෙස පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි.

ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, භූතානය සහ  බංග්ලාදේශය යන රටවලින් එම නිරීක්ෂකයින් පැමිණීමට නියමිතව තිබේ.

මෙම නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු මෙන්ම අධ්‍යයන කටයුතුද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News