ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ ඊයේ (10) රාත්‍රී 10.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ.
ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.



