උසස් පෙළ සමත් සියලු දරුවන්ට විශ්ව විද්‍යාල වරම්

Share

උසස් පෙළ සමත් සියලු දරුවන්ට විශ්ව විද්‍යාල වරම් හිමි කර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගලෙන්බිඳුන් වැව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, අධ්‍යාපනය වෙනුවෙන් තමා විශාල ආයෝජනයක් සිදු කරන බවයි.

අද වන විට තරුණ තරුණියන් ගුණාත්මක අධ්‍යාපනයක් නොමැති කමින් අසහනයෙන් සිටින බවත්, මේ සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැවසීය.

විශේෂයෙන්ම උසස් පෙළ විභාගය සමත් සෑම සිසුවෙක්ම ලබන වසරේ සිට විශ්ව විද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් ගෝඨාභය මහතා කියා සිටියේය.

එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වැඩි කරමින් මහාචාර්යවරුන් වැඩි කරමින් විශේෂයෙන් කලා අංශයෙන් ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් තොරතුරු හා පරිගණක තාක්ෂණය පාඨමාලාවලට ඇතුළත් කර උපාධිය ලැබීමෙන් අනතුරුව ආර්ථිකයට ඍජුවම සම්බන්ධ විය හැකි රැකියාවක් ලබා ගැනීමට හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News