ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය එලැඹෙන 13 වන දින මධ්‍යහන 12 දක්වා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ සඳහන් කළේය.
වලංගු ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් යන හැඳුම්පත් හෝ රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පතක්, පූජ්‍ය පූජක උතුමන් වෙත පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුම්පතක් හෝ වැඩිහිටි හැඳුනුම්පතක් නොමැති නම් ඒ සියලු දෙනා විසින් තාවකාලික හැඳුම්පතක් ලබා ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කියා සිටියේ ය.
එම හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019.11.09 වන දිනෙන් අවසන් වීමට තිබුණත් බොහෝ පුරවැසියන්ගේත් සිවිල් සංවිධානවලත් දේශපාලන පක්ෂවලත් ඉල්ලීම මත එම කාල සීමාව දිගු කළ බවද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැවසීය.
ඉහත දැක්වු ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම්, වහාම ග්‍රාම නිලධාරී හෝ වතු නිලධාරීවරයා හමුවී මෙම විශේෂ හැඳුනුම්පත ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




