අනවසර සංක්‍රමණිකයින් අටක් නාවික හමුදා බාරය

Share

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් අටදෙනෙකු අද(11) අළුයම තලෙයිමන්නාරම, වැලිපර 07 ප්‍රදේශයේදී නාවික හමුදා බාරයට ගන්නා ලදී.

ඒ අනුව උතුරුමැද නාවික විධානය විසින් සිදු කරන ලද මුර සංචාරයකදී වැලිපර 07 ප්‍රදේශයේදී අනවසරයෙන් ශ්‍රීලංකා‍වේ සිට මුහුදු මගින් ඉන්දියාවට සංක්‍රමණය විමට උත්සහ කළ දමිළ ජාතික පුද්ගලයින් අටදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පිරිස අතර, වැඩිහිටි පිරිමි පස්දෙනෙකු සහ එක් කාන්තාවක්ද පිරිමි සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු ද සිටියි.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි කිරිම් හේතුවෙන් අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනිමට නාවික හමුදාව සමත් වී ඇත.

Read more

Local News