යාපනය සිට චෙන්නායි හා ට්‍රිචි දක්වා ගුවන් ගමන් අද සිට

Share

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (11දා) චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාවක් අද පෙරවරුවේ යාපනය ගුවන් තෙටුපොළට පළමු වාණිජ ගුවන් ගමන සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව එම ගුවන් යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12.00 ට යාපනයට ළගාවන අතර එම යානය පස්වරු 12.45 ට යාපනය ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කර පස්වරු 2.10 ට චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගාවීමට නියමිතයි.

Read more

Local News