සවස් කාලයේ තදවැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) සවස 1.00 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 75-100 ත් අතර තරමක තද වැසි ඇති වෙයි.

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News