බිඩී කොළ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් අද (11) ඉරණමාතානගර් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරුමැද නාවික විධානය විසින් ඉරණමාතානගර් ප්‍රදේශයේ සිදු කළ ‍සෝදිසි කිරීමක් අතරතුරදී ඩිංගි යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කල පාර්සල් 30 ක අසුරා තිබු මෙම බිඩී කොළ තොගය නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මේ සමඟ පුද්ගලයින් දෙදෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ පිටත දහන යන්ත්‍ර දෙකක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගියාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ බිඩී කොළ තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

Read more

Local News