ජනාධිපතිවරණය නිරීක්ෂණයට අද සහ හෙට විදේශීය නිරීක්ෂකයින් දිවයිනට

Share

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදේශීය නීරීක්ෂකයින් අද (12) සහ හෙට (13) දිවයිනට පැමිණීමට නියමිතයි.

රටවල් 06කට අයත් නිරීක්ෂකයින් 14 දෙනෙකු මෙලෙස පැමිණීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

ඒ අනු ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, දකුණු අප්‍රිකාව, භූතානය සහ  බංග්ලාදේශය යන රටවලින් එම නිරීක්ෂකයින් පැමිණීමට නියමිතයි.

මෙම නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු මෙන්ම අධ්‍යයන කටයුතුද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News