පන්නල ගිරිඋල්ල මාර්ගයේ මෙත්සිරි උයන හංදිය අසලදී ඊයේ (12) සවස සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ පන්නල දෙසට ගමන් කළ මොටර් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ මොටර් රථ රියදුරු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙදී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයන් පන්නල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.