ජනාධිපතිවරයා අතේ තිබෙන බලය ඇත්තටම අයහපත් බලයක්

ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේ සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී නිවැරදිව තමන්ගේ තීරණය ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජාතික ජනබලවේගය විසින් දඹුල්ල ප්‍රදේශයේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

“සම්ප්‍රධායික දේශපාලන පක්ෂවල වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරමින් නව විකල්ප දේශපාලන ප්‍රතිපත්තියක් මුළු රටේම අපෙක්ෂාව වෙලා තියෙනවා.

ජාතිවාදය පරද්දලා, බිය වැද්දීම් පරද්දලා, පොරොන්දු දේශපාලනය පරද්දලා, ප්‍රතිපත්තිමය දේශපාලනය අපි ජයග්‍රහනය කරමු. ඒ සඳහා අවස්තාව තමයි දැන් අපි ඉදිරියේ තියෙන්නේ.“

ජනාධිපතිවරයා අතේ තිබෙන බලය ඇත්තටම අයහපත් බලයක් බවත් එය වහාම වෙනස් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version