රට පුරා ගිලන් භික්ෂු මධ්‍යස්ථාන අරඹන බව සජිත් කියයි

ගිලන් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රට පුරා ‘ගිලන් භික්ෂු මධ්‍යස්ථාන’ ආරම්භ කර ගිලන් වන භික්ෂූන් වහන්සේලා සඳහා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මූල්‍ය ආයතනවලින් අසහනයට පත් වූ තැන්පත්කරුවන්ට සහනයක් ලබා දීම සඳහා විදේශීය ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩනගන්නට තමන් ඇප කැප වන බවද, සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මහනුවර පැවති ජන රැළියට ඊයේ(12) දින රාත්‍රියේදී එක් වෙමිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක බන්දුල සෙනෙවිරත්න, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මධුසංක කුරුප්පුආරච්චි, මහනුවර මහ නගර සභා මන්ත්‍රී ඉම්තියාස්, අකුරණ ප්‍රාදේශීය සභාමන්ත්‍රී අස්වර් යන මහත්වරු සහ ප්‍රාදේශීය සභා අපේක්ෂකවරු විශාල පිරිසක් සජිත් ප්‍රේමදාසමහතාට සහය පළ කරමින් මෙම ජන හමුවට එක්විය.

Exit mobile version