යමුනා ගංගාවේ ජල තලය මත නිර්මාණය වුණු පෙණ පිඩු

Share

ලෝකයේ ගංගාවල් අතර ජනප්‍රිය සහ දුෂිතම ගංගාවක් වන යමුනා ගංගාවේ එක් කලාපයක විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම එම ප්‍රදේශයේ ජනතාව සලකන්නේ දේව හාස්කමක් ලෙසයි.

එය දැක බලා ගැනීමට බොහෝ ජනතාවක් පැමිණෙන බවත් එසේ මහත් භක්තියෙන් එම ගංගාවට බැස වන්දනාමාන කරන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙසේ විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වීමට හේතු වී ඇත්තේ යමුනා ගංගාවේ දෙපස ඇති කර්මාන්තශාලා තුලින් පිටවන අපවිත්‍ර ජලය සහ විවිධ රසායනික ද්‍රවය නිසාවෙන්ය.

Read more

Local News