පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තද සුළං ඇති විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මිලිමීටර් 50 ත් 75 ත් අතර ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.