වාලච්චේන, කන්නගිපුරම් ප්‍රදේශයේදී බිරිඳ විසින් මුගුරකින් පහරදී සිය සැමියා ඝාතනය කර තිබේ.
දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් ඔවුන්ගේ පුත්‍රයාට තියුණු ආයුධයකින් පරදීමට උත්සහ කිරීමේදී බිරිඳ විසින් සැමියාට මුගුරකින් පහරදි ඇති බවයි පොලීසිය පැවසුවේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
පහරදීම සිදු කළ සැකකාර කාන්තාව චාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



