බන්ධනාගාර ගතව සිටින රැදවියන් 284 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සදහන් කළේ අදාල ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු එම රැදවියන් නිදහස් කිරිමට නියමිත බවයි.
වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් පිරිසකට මෙලෙස පොදු සමාව ලබාදීමට නියමිතව තිබේ.
මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්රි දුෂණ, ළමා අපචාර, මත්කුඩු ජාවාරම් ඇතුළු වැරදි 40කට සම්බන්ධ නොමැති රැදවියන් 284 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස හිමිවනු ඇති බව ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සදහන් කළේය.




