රත්නපුර-පානදුර ප්‍රධාන මාර්ගයේ හොරණ, ඉලිඹ හන්දිය අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මාර්ග හරහා ගමන් කළ පුද්ගලයෙකු වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හොරණ, මූනගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.




