දිවයිනේ සියලු පාසල් හෙට (15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙලෙස පාසල් වසා දැමීමට කටයුතු කර ඇති බවයි.
මේ අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද (14) පාසල් වේලාවෙන් පසු මැතිවරණ කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.



