මහනුවර සිට මහියංගණය දක්වා ත්‍රිරෝද රථයකින් හෙරොයින් මත්කුඩු හා කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි වයස 23ක ගැබිණි කාන්තාවක් හා වයස 21ක්වු පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.
අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 09ක් හා කේරළ ගංජා ග්‍රෑම් 173ක් ද, ඇයගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 610ක් තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව හා පුද්ගලයා මහියංගණ නගරයේ දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වෙයි.



