අද දිවයිනේ සියලු පාසල් වැසේ

Share

රජයේ සියලු පාසල් සඳහා අද (15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් පාසල් වැඩි වශයෙන් යොදාගැනීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය එම තීරණය ගෙන ඇත.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අද පෙරවරු කාලයේදී ග්‍රාම නිළධාරීන්ගේ භාරයට පත්වන අතර අවශ්‍ය පරිදි ශාලා සකස් කිරීම සිදුකිරීමට නියමිතයි.

Read more

Local News