රත්නපුර පොලිස් වසමේ මාරපන ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වු පහළවෙල, මාරපන, රත්නපුර ලිපිනයේ පදිංචි අයෙකි.
සැකකරු අද (15) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



