ට්‍රැක් රථයකට දොඹකර යන්ත්‍රයක් ආධාරයෙන් දැව පටවමින් සිටිය දී දොඹකර යන්ත්‍රය අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී කම්කරුවෙකු මරණයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 41 හැවිරිදි දෙදරු පියෙකි.
විදුලි සැර වැදීමත් සමඟ කම්කරුවා මොරවක රෝහලට ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතළ බැවින් මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී ඔහු මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.



