යෝගානන්ද විජේසුන්දර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

Share

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වු යෝගානන්ද විජේසුන්දර මහතාගේ දේහය මේ වන විට මහනුවර පිළිමතලාවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.

60 දශකයේ බිහි වු දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙකු වු යෝගානන්ද විජේසුන්දර මහතා, පසුව වොලිබෝල් ක්‍රීඩාවෙන් සමුගෙන පූර්ණ ලෙස මලල ක්‍රීඩාවට එක් වුණි.

ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

75 වන වියේ පසු වු යෝගානන්ද විජේසුන්දර මහතා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර ඊයේ දිනෙයේ අභාවප්‍රාප්ත වුණි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා පස්වරු 5 ට පිළිමතලාව, අරඹේගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News