ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ පුද්ගලයෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක් තුළ තිබී මෙම ව්‍යාජ ජන්ද පත්‍රිකා සොයාගත් බව පොලිසිය පවසයි.

මුල්කිරිගල ප්‍රදේශයේ සිට මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News