අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි හා ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ක් පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතේත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියාව, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News