මාවනැල්ල පොලිස් වසමේ කොළඹ-මහනුවර ප්රධාන මාර්ගයේ අද(16) පාන්දර රිය අනතුරක් සිදුව ඇත.
ප්රධාන මාර්ගයේ දුම් පරීක්ෂණ ස්ථානය අසල දී මාර්ගයේ නවතා තිබු ලොරි රථයක නුවර දෙසට ධාවනය වු ත්රීරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු ත්රීරෝද රථයේ පිටුපස ගමන් ගත් 16 හැවිරිදි දරුවෙක් රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 378, ගයති, මාතියාපුර, පදලංගල ලිපිනයේ පදිංචි රුචිර සංදීප යන අයෙකි.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



