2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම ආරම්භ කර මේ වන විට පැය 4 කට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර අද (16) උදෑසන 10.00 පමණ වනවිට සමස්තයක් ලෙස සියයට 25ක පමණ ප්රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මහනුවර සියයට 30ක ප්රතිශතයක්, ගාල්ල සියයට 25ක ප්රතිශතයක්, අනුරාධපුර සියයට 25ක ප්රතිශතයක්, පොළොන්නරුව සියයට 20 ප්රතිශතයක්, නුවරඑළිය සියයට 40ක ප්රතිශතයක්, කළුතර සියයට 40ක ප්රතිශතයක්, වව්නියාව සියයට 25 ප්රතිශතයක්, මන්නාරම සියයට 30ක ප්රතිශතයක්, මාතර සියයට 30ක ප්රතිශතයක්, හම්බන්තොට සියයට 25 ක ප්රතිශතයක් සහ ත්රිකුණාමලය සියයට 25 ක ප්රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ.
මීට අමතරව වව්නියාව සියයට 25 ප්රතිශතයක්, මන්නාරම සියයට 30ක ප්රතිශතයක්, මාතර සියයට 30ක ප්රතිශතයක්, හම්බන්තොට සියයට 25 ක ප්රතිශතයක් සහ ත්රිකුණාමලය සියයට 25 ක ප්රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වෙයි.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීම අද පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එය අද පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි.



