මෙල්බන් නුවර පදිකයන් වෙත මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
මෝටර් රථය, නගර මධ්‍යයේ පිහිටි කාර්යබහුල මංසන්දියක් වන ‘ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට්’ හි ගමන් ගනිමින් සිටි පදිකයන් ගණනාවක ගැටී ඇති බව වික්ටෝරියා පොලිසිය සඳහන් කරයි.
ප්‍රාන්ත ගිලන් රථ සේවය කියා සිටියේ පුද්ගලයන් 13 දෙනෙකු රෝහල් වෙත ගෙන යනු ලැබූ බවය. හිසට බරපතළ තුවාල සිදු වූ පෙර පාසල් යන වයසේ පසුවන දරුවෙකු ද රෝහල වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.