හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සිය සුභ පැතුම් එක්කරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ රටේ නව ජනාධිපති ලෙස පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියළු ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු ජනතාවගේ ගැටළු වෙනුවෙන් කිසිදු භේදයක් නොදක්වා කටයුතු කළ යුතු බවද හෙතෙම තම නිවේදනයේ සඳහන් කරනු ලබයි.
නව ජනාධිපතිවරයාගේ සියළු කටයුතු සාර්ථක වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවද විග්නේශ්වරන් මහතා සුභ පැතුම් එක් කරයි.




