ගිරිඋල්ල පොලිස් වසමේ කටුගම්පල ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මාර්ගයේ ගමන් කළ ලොරි රථයක පිටුපසින් ගමන් යතුරු පැදියක් ඉස්සර කිරීමට යෑමේ දී ලොරි රථය නවතා රියදුරු අසුන අසල දොර විවෘත කර ඇත.
පසුව පිටුපසින් පැමිණි යතුරු පැදියේ සිටි දෙදෙනෙකු ලොරි රථයේ දොරෙහි ගැටී පෙරළී තිබේ.
පසුව ලොරි රථයේ රියදුරු සහ යතුරු පැදියේ පැමිණි දෙදෙනා ආරවුලක් ඇති කර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
එම ආරවුල දුර දිග යෑමෙන් ලොරි රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු යතුරු පැදිකරුට පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.
දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලකරු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු කටුගම්පල ප්‍රදේශයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ කනිෂ්ක දිල්ෂාන් අබේසිංහ යන තරුණයෙකි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (18) පැවැත්වීමට නියමිතයි.
සැකකරුවන් වන ලොරි රථයේ රියදුරු හා සහයක අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනා පියා සහ පුතු වන අතර, පියා පන්නල පොලීස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටින කොස්තාපල්වරයෙකි.
ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




