පුත්තලමේ පහර දීමකින් තිදෙනෙක් රෝහලට

Share

පුත්තලම පොලිස් වසමේ වනාතවිල්ලුව ප්‍රදේශයේ දී වාහනයකට සිදුවු අලාභයක් සමඟ ආරවුලක් ඇතිව තිබේ.

දෙපාර්ශවය අතර ඇති වු ආරවුල හේතුවෙන් පහර දීමක් සිදුව ඇති අතර, පුත්තලම පොලීසියට ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

පහර කෑමට ලක්වු පුද්ගලයින් ප්‍රතිකාර ගැනීමට පුත්තලම රෝහලට පැමිණ සිටියදී ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය පසු පසින් පැමිණ නැවත පහර දී ඇත.

එම පහර දීමෙන් පුද්ගලයින් තිදෙනෙකු පුත්තලම ‍රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 27 ක් වු බටහිර ලුණුලේවාය, පුත්තලම ලිපිනයේ පදිංචි එම්.ඒ.අලී, වයස අවුරුදු 36 ක් වු තිල්අඩියේ පදිංචි අයෙක් හා වයස අවුරුදු 33 ක් වු අල්අසනාත් පාර, පුත්තලම යන ලිපිනයේ පදිංචි එස්.එම්.එම්.එෆ්.අෆ්ත්‍රාත් යන අය වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 34 ක් වු කොටුව පාර, පුත්තලම යන ලිපිනයේ පදිංචි එස්.එන්.එම්.නබීර් යන අයෙක් ‍හා මෝටර් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදු පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News