ජනපති ගෝඨාභයගේ නිල ධජය ප්‍රකාශයට පත් කරයි

Share

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ජනපති ධජය ප්‍රකාශයට පත්කර ඇත.

නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි.

පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කර ඇත.

සිවිකොණ පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතියට ලැබී ඇති අබාසය නිරූපනය කෙරෙයි.

වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් නිරූපණය කර ඇත්තේ සශ්‍රීකත්වයයි.

ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැදී පවතින අතර ඒ තුලින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවගුණයත් අර්ථ ගන්වා තිබේ.

Read more

Local News