ඔක්තෝම්බර් මාසයේ 8.8% ක්ව පැවති ලක්‍ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේදී 8.4% ක් දක්වා අඩු වූ බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව නොවැම්බර් මාසයේ වාර්තා වූ උද්ධමනය සඳහා ප්‍රධාන වශයෙන් 2016 නොවැම්බර් මාසයේ පොල්, සහල් සහ එළවළුවල පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 6.9%ක හා ආහාර නොවන කාණ්ඩයේ 1.5%ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත.