රෝහිතට එරෙහි නඩුවක් 28 වනදාට කල්යයි

Share

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන 28 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 ක වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට රෝහිත අබේගුණවර්ධන මහතාට චෝදනා එල්ල ව තිබේ.

මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී නඩුවේ සාක්ෂි ලෙස නම් කර ඇති බැංකු වාර්තා වලට අදාල සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. අනතුරුව වැඩිදුර විභාගය ලබන 28 වනදා තෙක් කල් තැබුණි.

2004 සහ 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.1 වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News