බුලත්සිංහල, ඈගල්ඔය ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ විමර්ධන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (21) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුලත්සිංහල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



