කේරල ගංජා සමඟ කතක් පොලොන්නරු‌‌වේ දී අත්අඩංගුවට

Share

පොලොන්නරුව, මුස්ලිම් කොළණිය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 200ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බව සඳහන්.

සැකකාර කාන්තාව අද (21) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News