සපුගස්කන්ද පොලිස් වසමේ වලහේන ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු ඊයේ (20) දින සැකකටයුතු ලෙස තුවාල සහිතව මියගොස් තිබේ.
සපුගස්කන්ද පොලීසියට ලද තොරතුරුක් මත මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 වලහේන, මාබිම, හෙයියන්තුඩුව ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අජිත් ප්‍රියන්ත නැමැත්තෙකි.
මරණකරු ඉහත ලිපිනයේ කුලී පදනම මත බිරිඳ හා දරුවන් සමඟ ජීවත්ව සිට ඇති අතර, මීට මාස 5 කට පෙර බිරිඳ පවුල් ආරවුලක් හේතුවෙන් නිවසෙන් පිටව ගොස් ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදු කිරීමට නියමිත අතර සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



