සා/පෙළ දෙසැම්බර් 02 දා සිට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 02 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්විමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර ඉන් 433,050 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙයි.

විභාගය සඳහා අයදුම්කර ඇති බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් රත්මලාන, තංගල්ල, මාතර, හලාවත සහ කොළඹ මැගසින් යන බන්ධනාගාරවල විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Exit mobile version