සාර්ථක සංචාරයකින් පසුව පෙරේකොප් දිවයිනෙන් යයි

2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊ‌යේ (21) දින හම්බන්තොට වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

නෞකාව මෙරට රැදී සිටි කාල සීමාව තුලදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රැසක් සඳහා සහභාගී වන ලදී.

ඒ අනුව, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා තරඟ කිහිපයක් පැවැති අතර, එය වොලිබෝල් සහ කඹ ඇදීම යන තරඟ ඉසව් වලින් සමන්විත විය.

ආරම්භයේ සිට අවසානය දක්වාම ඉතා උණුසුම් මුහුනුවරක් ගත් මෙම ක්‍රීඩා තරඟාවලිය දෙරටේ නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතාවය මෙන්ම අන්‍යොන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීමට මහත් පිටුවහලක් විය.

Exit mobile version