කොළොන්නාව නගර සභා බලප‍්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට හෙට (23) ජල සැපයුම අත්හිටුවයි.
හෙට පෙරවරු 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ශී‍්‍ර ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදු කෙරෙන කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් එම ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන බවයි.



